2023 අප්‍රේල් 09 වන ඉරිදා

ජනවරමක් නැති ආණ්ඩුව එක්ක සජබට ගනුදෙනුවක් නෑ - සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:04 117

I දේශපාලන වාර්තාකරු

විපක්ෂයේ සුළු පක්ෂ නායකයන් රවටා ඔවුන් මාර්ගයෙන් සමගි ජන බලවේගයට සමගි සන්ධාන යෝජනා එවීම නිෂ්ඵල කරුණක් බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

මෙලෙස සුළු පක්ෂ නායකයන් කිහිප දෙනකු සජබ වෙත ගෙන එන ලද යෝජනා මගින් වත්මන් ආණ්ඩුවට සහාය දිය යුතු බවට අදහස් පළ කර ඇති නමුත් සජබ ඒ සම්බන්ධයෙන් උනන්දු නොවන බවද හෙතෙම සඳහන් කළේය. ආණ්ඩුවට රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට යමක් දැන්විය යුතු නම් ඒ බව ඍජුවම ප්‍රකාශ කළ යුතු යැයිද මහලේකම්වරයා අවධාරණය කළේය. ඒ කවර තත්ත්වයක් යටතේ වුවත් ජනවරමක් නොමැති ආණ්ඩුවක් සමඟ ගනුදෙනුවක් තම පක්ෂයට නැතැයිද ඔහු වැඩිදුරටත් කීය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00