
l දේශපාලන වාර්තාකරු
ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවල මුදල් ආයෝජනයෙන් තම රටට අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ ලැබේද යන්න ගැන පූර්ණ අධ්‍යයනයක් කිරීමට චීන රජයේ ඉහළ පෙළේනියෝජිත පිරිසක් මේ සතියේ දිවයිනට පැමිණෙති.
චීන රජයේ ණය ආධාර හා ආයෝජන ගැන මෙබඳු විමර්ශනයකට එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මුල්වරටය. මහ බැංකුව සිය වාර්තාව මගින් ප්‍රකාශ කර තිබෙන දත්ත අනුව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අවදානමක් තිබේද යන්න ඔවුන්ගේ පුළුල් විමර්ශනයට ලක්වන බව තානාපති අංශ ආරංචි මාර්ග කියයි.
අනතුරුව මෙම නියෝජිත පිරිස අධ්‍යයනය කරනු ලබන්නේ චීනයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී තිබෙන ණය ප්‍රමාණය නියමිත කාලවකවානුවල පියවීමට ආර්ථික ශක්තිය තිබේද කියාය. ඉදිරි කාලයේ චීනය විසින් මෙරට සිදුකිරීමට යෝජිත ව්‍යාපෘතිවල ප්‍රයෝජනවත් බව ඒවා ගැන ශ්‍රී ලාංකික සමාජයේ හටගෙන තිබෙන මත ගැටුම් ගැනද චීන නියෝජිතයන් ගැඹුරින් අධ්‍යයනය කරනු ඇති බවත් වැඩිදුරටත් දැනගන්නට ඇත.