2023 මාර්තු 26 වන ඉරිදා

ආහාර උද්ධමනය ටිකක් බැහැලා

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:03 82

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

2023 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ ආහාර උද්ධමනය 53% සිට 49% දක්වා පහත වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙබරවාරි මාසය සඳහා නිකුත් කර ඇති පාරිභෝගික මිල දර්ශකය සඳහන් කරයි.

එම මිල දර්ශකයට අනුව ආහාර නොවන කාණ්ඩය 52% සිට 57.4% දක්වාද, රෙදිපිළි හා පාවහන් 67.7% සිට 69.2% දක්වාද, නිවාස ජලය, විදුලිය හා ගෑස් 23% සිට 36.1% දක්වාද, ප්‍රවාහන 90.7% සිට 92.2% දක්වාද ඉහළ ගොස් තිබේ.

මද්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය 51.3% සිට 49.2% දක්වාද, විනෝදාත්මක සහ සංස්කෘතික කටයුතු 68.4% සිට 63.6% දක්වාද, ආපන ශාලා සහ හෝටල් 65.3% 62.1% දක්වාද පහත වැටී තිබේ. එම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ සමස්ත (ලක්ෂ්‍යමය) උද්ධමනය 53.6% කි.