2017 මැයි 27 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දයට ශ්‍රීලනිපයෙන් හඬක්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154


l ගයාන් ගාල්ලගේ

ඉදිරියේදී නිල කාලය අහෝසි වන පළාත් සභා මැතිවරණය කල් නොදමා නියමිත කාලයේදී පවත්වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් පිරිසක් සූදානම්ව සිටින බව නම හෙළිකිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.

ලබන සැප්තැම්බරයේදී සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන ප්‍රදේශවල නිල කාලය අවසන් වන නිසා එම පළාත් සභාවල මැතිවරණ කිසිදු හේතුවක් නිසා කල් නොදමන ලෙසට ඉල්ලා සිටීමට තීරණය කර ඇත. එම මැතිවරණද කල් දැමුවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් සිදුවන බවත් ආණ්ඩුව විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවත් බහුතර පිරිසගේ මතය වී ඇති බව එම අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ නිසා නව මැතිවරණ ක්‍රමය ගෙන ආවත් නැතත් පළාත් සභා ඡන්දය නියමිත වෙලාවට පැවැත්විය යුතු බවට එම පිරිසගේ යෝජනාව වී තිබේ.