2023 මාර්තු 19 වන ඉරිදා

ලිස්ටීරියා බැක්ටීරියාව: අනිසි බියක් එපා - වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 39

සුගත් පී. කුලතුංගආරච්චි I

රත්නපුර ප්‍රදේශයේ ලිස්ටීරියා රෝගය පැතිර යාම පිළිබඳ අනිසි බියක් ඇතිකර නොගතයුතු නමුත් මූලික සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීම වැදගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ දේශයට පැවැසීය.

රත්නපුරයේ රෝගීයෙකු මියයාමේ සිද්ධිය හා පසුව සිදුවූ මරණ දෙක අතර මේ වනවිටත් කිසිදු සබඳතාවක් සොයා ගැනීමට මූලික පරීක්ෂණවලින් හැකිව නැති බව ඔහු කියයි.

ලිස්ටීරියා යනු එම බැක්ටීරියාවක් මගින් අපිරිසුදු වූ ජලය සහ ආහාර මගින් බෝවන  රෝගයක් වන හෙයින් මේ වනවිටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් සැකසහිත ප්‍රදේශ සහ ස්ථානවල විෂබීජය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කරමින් සිටින බව ඔහු කියයි.

මේ රෝගය මෙතෙක් මෙරට හෝ කිසිදු රටක වසංගත තත්ත්වයක් ලෙස වාර්තාගතව නැතැයිද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ දේශයට පැවැසීය. පිරිසුදු පානීය ජලය සහ ආහාර පිළිබඳව සැලකිලිමත් වීම, අත සේදීම වැනි මූලික සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීම මේ රෝගය වළක්වා ගැනීමට පහසුම මග බව ඔහු පෙන්වා දෙයි. 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00