2023 මාර්තු 19 වන ඉරිදා

වර්ජන තීරණය ආණ්ඩුවේ ප්‍රතිචාරයෙන් පසු

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 32

ගයාන් ගාල්ලගේI

උපයන විට බදු පනත සහ තවත් ඉල්ලීම් කිහිපයක් මූලික කර ගනිමින් ආරම්භ කෙරුණු වෘත්තීය අරගලයේ මීළඟ පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීමත් සමඟ රජය දක්වන ප්‍රතිචාර අනුව තීරණය කිරීමට සියලුම වෘත්තීය සමිති එකඟ වී තිබේ.

එසේම එළඹෙන 21 වැනිදා වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් මේ සියලු කාරණා සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණ 25 වනවිට රජය යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අඛණ්ඩ වෘත්තීය අරගලයකට යාමට මෙහිදී එකඟත්වය ලැබී තිබේ.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ වෘත්තිය සමිති කිහිපයක් අඛණ්ඩ අරගලයක් සඳහා යාමට විරුද්ධ බව ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ.