2023 මාර්තු 12 වන ඉරිදා

ජාතික ආර්ථික කොමිසමේ මුල් පුටුව රෝහිතට

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 61

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය නැංවීම සඳහා අලුතින් ස්ථාපිත කෙරෙන ජාතික ආර්ථික කොමිසමේ සභාපති ධුරයට හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බොගොල්ලාගම මහතා පත්කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කොළඹ වරාය නගර කොමිසම ආදී ආයතන සියල්ල ඒකාබද්ධ කර මෙම ජාතික ආර්ථික කොමිසම ස්ථාපනය කෙරේ. කලකට පෙර පැවති මහ කොළඹ ආර්ථික කොමිසම මෙන් පුළුල් බලතල සහිත ආයතනයක් වන ජාතික ආර්ථික කොමිසම පිහිටුවීමට අදාළව ළඟදීම විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00