2023 මාර්තු 12 වන ඉරිදා

මතක් කරන්න එපා, මට දේශපාලනය අරහං

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:03 154

ගයාන් ගාල්ලගේ I

වර්තමාන දේශපාලනය ගැන තමන්ට කලකිරීමක් ඇතිව තිබෙන බවත් ඒ ගැන කතා කිරීමට පවා තමන් අකැමැති බවත් ඊට හේතුව වන්නේ වර්තමාන නායකයන් ජනතාවට ඇහුම්කන් නොදීම බවත් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් දේශයට පැවසීය.

වර්තමාන නායකයන් ජනතාවගේ ඡන්දයෙන් පත්වී බලයට පත්වුවත් ජනතාවගේ යෝජනා, අදහස් ගැන විමසීමකින් තොරව තමන්ට හිතු මනාපයට කටයුතු කරන තැනට ඔවුන් පත්වී ඇතැයිද වන්නිලඇත්තන් සඳහන් කළේය.

රජවරු විසූ කාලයේ රටේ සියලු දෙනාටම එක හා සමානව පහසුකම් සැලසූ බවත් වර්තමාන පාලකයන් පක්ෂවල එල්ලෙමින් පාක්ෂිකයන්ට පමණක් සලකන තැනට පත්වී සිටින වගත් ආදිවාසි නායකයා අවධාරණය කළේය.

තරුණ තරුණියන්ගේ අරගලය ජනතාවගේ සැබෑ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටි අරගලයක් වුවත් පසුව වෙනත් කණ්ඩායම් මැදිහත් වී එයට දේශපාලන මුහුණුවරක් ලබා දුන් බැවින් අරගලය පවා දැන් ජනතාවට ප්‍රශ්නයක් වී ඇතැයි ඌරුවරිගේ වන්නිලඇත්තන් පැවසීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00