2023 මාර්තු 05 වන ඉරිදා

විශ්‍රාමික මැති ඇමැතින් 260කට විශ්‍රාම වැටුප්

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:03 249

දේශපාලන වාර්තාකරුI

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 260 දෙනකුට දැනට පාර්ලිමේන්තුව මගින් මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා මාසිකව වැය කරන මුදල රුපියල් එක්කෝටි හැටනව ලක්ෂයක් (1,69,00000ක්) පමණ වන බව වාර්තා වෙයි.

එසේම මියගිය මන්ත්‍රීන්ගේ වැන්දඹුවන් 176 දෙනකු වෙනුවෙන්ද විශ්‍රාම වැටුප් ගෙවීමක් සිදු කරන බව වාර්තා වෙයි. ඒ සඳහා මාසිකව වැය කරන මුදල රුපියල් අනූහය ලක්ෂයකි. (96,00000කි). ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරූ මියගිය මන්ත්‍රීන් හෝ මන්ත්‍රිනියන්ගේ වයස අවුරුදු 18ට අඩු හෝ ආබාධිත තත්ත්වයේ සිටින දරුවන් 6 දෙනකුටද මාසිකව දීමනාවක් ගෙවන බව වාර්තා වෙයි.

මේ සියලු ගෙවීම් කරන්නේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අනුවය. මේ අනුව මාසිකව ප්‍රතිලාභ ලබන සම්පූර්ණ පිරිස 448 දෙනෙකි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00