2023 පෙබරවාරි 26 වන ඉරිදා

උත්තර පත්‍ර බලනවාට දවසට තුන්දාහක්

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 50

දේශපාලන වාර්තාකරු I

අ.පො.ස. උසස් පෙළ පිළිතුරු පත්‍ර සලකුණු කිරීම සඳහා සහභාගි වන ගුරුවරුන්ට ගෙවන දීමනාව දිනකට රුපියල් 3,000ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි දේශයට වාර්තා වෙයි. දැනට ඒ සඳහා ගෙවන්නේ එක් පිළිතුරු පත්‍රයකට නිශ්චිත මුදලකි. ඇතැම් විෂයන්වල පිළිතුරු පත්‍ර සඳහා එක් පිළිතුරු පත්‍රයකට ගෙවනු ලබන්නේ රුපියල් 90/-ක් තරම් සුළු මුදලකි. 

දිනකට එක් ගුරුවරයකුට සලකුණු කළ හැක්කේ එවන් පිළිතුරු පත්‍ර 10ක් පමණක් බවද සඳහන් වෙයි.

මෙම අඩු ගෙවීම් නිසා මෙවර අ.පො.ස. උසස් පෙළ පිළිතුරු පත්‍ර සලකුණු කිරීම සඳහා අවශ්‍ය කරන ගුරුවරුන් ප්‍රමාණය ඒ සඳහා අයැදුම් කර නැත. මෙවර විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන් සංඛ්‍යාව 3,31,000 කි. (තුන් ලක්ෂ තිස් එක් දහසකි) ඔවුන්ගේ පිළිතුරු පත්‍ර සලකුණු කිරීම සඳහා ගුරුවර ගුරුවරියන් 15,000කගේ සේවය අවශ්‍ය වුවත් ඊට අයැදුම් කර ඇත්තේ 11,000ක් පමණි. ඒ අනුව ගුරු භවතුන් 4,000කගේ හිඟයක් හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට බාධා පැමිණියේය.
මේ නිසා විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා රජයට කළ යෝජනාවක් අනුව නව ගෙවීමේ ක්‍රමය සකස් කර ඇතැයි වාර්තා වෙයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00