2023 පෙබරවාරි 26 වන ඉරිදා

සීමා නිර්ණය දැම්මොත් නාමයෝජනා අහෝසියි- මහින්ද දේශප්‍රිය

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:04 213

ගයාන් ගාල්ලගේI

මැතිවරණ සීමා නිර්ණයට අදාළ අවසන් වාර්තාව මාර්තු මස අවසන් දිනයට පෙර ලබා දිය හැකි බවත් එම සීමා නීර්ණයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් කල් දමන ලද පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සියල්ල අවලංගු කළ යුතු බවත් මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.

එම වාර්තාව රජයට ලබා දීමෙන් පසුව සමාලෝචන කමිටුවක් පත්කොට අඩුපාඩු සැකසීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් එම වාර්තාව ලබා දී තිබුණත් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නම් පරණ ක්‍රමයට මෙම ඡන්දය පැවැත්විය හැකි බව හෙතෙම වැඩිදුරටත් කීය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01