දේශපාලන වාර්තාකරු I
ස්වාධීන කොමිෂන් සභා 9 ක් සඳහා සභාපතිවරුන් හා සාමාජිකයන් තෝරා පත්කර ගැනීම පිණිස අයැදුම්පත් කැඳවීමේදී ලද අයැදුම්පත්වලින් සුදුස්සන් තෝරාගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනාට පවරා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශයට පැවසීය.
ඔවුන් ව්‍යවස්ථා සභාවට ලබා දෙන නිර්දේශ අනුව ඒ ඒ කොමිෂන් සභා සඳහා පත්කෙරෙන සභාපතිවරුන් හා සාමාජිකයන් තෝරා ගැනේ. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයක් නොපැවැත්වෙන බවද කතානායකවරයා සඳහන් කළේය.
ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිසම, අල්ලස් දූෂණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම ඇතුළු කොමිෂන් සභා 9 ක් සඳහා ඉදිරි සති කිහිපය තුළ සුදුස්සන් පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
සල්ලි අච්චු ගැසීම නැවැත්වුවොත්...
ඒ සඳහා අනුගමනය කළ හැකි විකල්ප ක්‍රම ගණනාවක් අතරින් වඩාත් පහසුම ක්‍රමය වන්නේ විවෘත වෙළෙඳපොළෙන් වැඩි පොලියට මුදල් ලබාගැනීමට බව ආර්ථික විශ්ලේෂකයෝ වැඩිදුරටත් කියති. එලෙස වැඩි පොලියට මුදල් ලබා නොගන්නේ නම් තවදුරටත් බදු ඉහළ නැංවීම හෝ පෞද්ගලිකකරණයෙන් අවශ්‍ය මුදල් සපයා ගත යුතුය.