2023 පෙබරවාරි 12 වන ඉරිදා

ඒක්දින වර්ජනයකට සූදානමක්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 35

ගයාන් ගාල්ලගේ I

උපයන විට බදු ක්‍රමය රජය විසින් වහාම ඉවත් නොකළහොත් එළඹෙන සතියේදී එක්දින වැඩ වැරුමකට යාමට සියලුම වෘත්තිය සමිති එකඟතාවයකට පැමිණි බව වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

බැංකු, වෛද්‍ය, හෙද, තෙල්, විදුලිය සහ විශ්වවිද්‍යාල ඇතුළු බදුගෙවන අංශවල පිරිස් ඒ සඳහා පූර්ණ සහාය ලබාදීමට එකඟ වූ බවද ඔවුහු සඳහන් කළෝය.

රජය මෙම බදු ක්‍රමය ඉවත් නොකිරීමට තීරණය කර ඇති නිසා එය ඉවත් කරගන්නා තෙක් අඛණ්ඩ විරෝධයකට යාමටද එම වෘත්තීය සමිති එකඟ වී ඇත.

එක්දින වැඩ වැරැමෙන් පසුව ආණ්ඩුව ලබාදෙන ප්‍රතිචාරය මැද මීළඟ පියවර ගන්නා බවද එම වෘත්තීය සමිති නායකයෝ සඳහන් කළහ.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00