2023 පෙබරවාරි 05 වන ඉරිදා

දිනේෂ් ෆාස්ටර් ඝාතනය: අභිරහස හෙළිවෙයි!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:03 957

ආරක්ෂක වාර්තාකරු I

ඝාතනයට ලක්වූ බව කියන සුප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ සුවිශේෂ හෙළිදරව්වක් ඇතුළත් රස පරීක්ෂක වාර්තාවක් ළඟදීම අධිකරණයට ඉදිරිපත් කෙරෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මෙම රස පරීක්ෂක වාර්තාව තුළ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු ඇතුළත්ය. එසේම දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළ අභිරහස මෙකී වාර්තාවත් සමඟ පූර්ණ වශයෙන් හෙළිදරව් කෙරෙනු ඇති අතර එය මෙතෙක් ආරක්ෂක අංශ විසින් අනුමාන නොකළ සිදුවීමක් විය හැකි බවද වාර්තා වෙයි.