2023 ජනවාරි 29 වන ඉරිදා

ස්වාධීන අයත් සන්ධානයකට

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 62

දේශපාලන වාර්තාකරු I

පළාත් පාලන මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම් රැසක් සන්ධානගතව පොදු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දැක්වූ ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් නියෝජිතයන් කිහිප දෙනෙක් ප්‍රකාශ කළේ මෙවර ස්වාධීන කණ්ඩායම් ඉතා විශාල ගණනක් ඡන්ද සටනට ඉදිරිපත්ව ඇති බවය.

ඔවුන්ගෙන් බහුතරය මෙයට පෙර ප්‍රධාන දේශපාලන දහරාවේ පක්ෂවලට සම්බන්ධව සිටි අයයි. එම නිසා ස්වාධීන අපේක්ෂක කණ්ඩායම්වල සම්මේලනයක් කැඳවා මේ අය තමන්ගේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.