2023 ජනවාරි 29 වන ඉරිදා

ගමේ ආණ්ඩුවල ඡන්ද බෙදන හැටි අප්‍රේල් මාසයේ

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:01 106

දේශපාලන වාර්තාකරු I

පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණයට අදාළ අවසන් වාර්තාව ලබන අප්‍රේල් මස අග භාගයේදී විෂය භාර අමාත්‍යවරයාට භාර දිය හැකි බව සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.

මෙවර සීමා නිර්ණය යටතේ පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 3000ක් පමණ නිර්මාණය කෙරේ. මෙලෙස නව ඡන්ද බල ප්‍රදේශ නිර්මාණයේදී ඇතැම් ජන වර්ගවලට හා කුලවලට හා ආගම්වලට අසාධාරණයක් සිදුවන බවට මැසිවිලි නැගෙන බැවින් ඒ සඳහා දෙන විසඳුම කුමක්දැයි දේශය ප්‍රශ්න කළ විට සභාපතිවරයා ප්‍රකාශ කළේ එවැනි ඇතැම් පීඩිත සමාජ කොටස්වලට නොයෙක් ගැටලු ඇතිවන බවට තමන්ද දැනුම්වත් කර ඇති නමුත් ඒවා දැනට විසඳීම දුෂ්කර වී ඇති බවයි.

එබැවින් මෙම අවසන් වාර්තාව භාර දීමෙන් පසු පත්කිරීමට නියමිත සීමා නිර්ණය සමාලෝචන කමිටුවට තම දුක් ගැනවිලි ඉදිරිපත් කොට සහනයක් ඉල්ලා සිටීමට අගතියට පත්වූවන්ට හැකියාව ඇතැයි ඔහු සඳහන් කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01