2023 ජනවාරි 29 වන ඉරිදා

මැරෙන්න පෙර ෂාෆ්ටර් අන්තිම කැමැත්ත ලියලා

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:03 711

ආරක්ෂක වාර්තාකරු I

ආන්දෝලනාත්මක අයුරින් ඝාතනයට ලක්වූ බව කියන ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට සති කිහිපයකට පෙර සිය අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත.

එම අන්තිම කැමැති පත්‍රය අනුව තමන්ගේ පවුලේ සියලු දෙනාටම පාහේ ඔහු සතු බූදලයෙන් උරුම වන කොටස පවරා දී ඇතැයි ද වාර්තා වෙයි. දැනට එම අන්තිම කැමැති පත්‍රයට අදාළ විස්තර පොලිසිය සතුවන බැවින් ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ නව මාවතකට යොමු වී ඇතැයි දැනගන්නට තිබේ.