2023 ජනවාරි 29 වන ඉරිදා

නව බද්දට එරෙහි සටන මහ පාරට

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:04 146

ගයාන් ගාල්ලගේI

රජය විසින් හඳුන්වා දුන් උපයන විට බද්ද නිසා අගතියට පත් පාර්ශ්වවලට යහපත් ප්‍රතිචාරයක් ආණ්ඩුව විසින් කඩිනමින් ලබා නොදුනහොත් වෘත්තිය සමිති සියල්ල ඒකාබද්ධ ව දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර ඇති බව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම වෘත්තිය සමිති නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙක්ම දේශයට පැවසූහ.

හෙට (30) වෘත්තීය සමිති රැසක් කැඳවා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බවත් බොහෝ වෘත්තීය සමිතිවල යෝජනාව වී ඇත්තේ ආණ්ඩුවේ මෙම බදු ක්‍රමය ඉවත් කර ගන්නා තෙක් අඛණ්ඩ විරෝධයකට අවතීර්ණ වීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් හෙට දිනයෙන් පසුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට දැනටමත් සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.