2023 ජනවාරි 15 වන ඉරිදා

නාමයෝජනා නැවැත්වීමට කිසිදු නීතියක් නැහැ

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 115

කොමිසම නාමයෝජනා ගන්නවා- මැතිවරණ කොමිසමේ සභාපති

දේශපාලන වාර්තාකරු I
යෝජිත පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් කර ඇති පරිදි නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට මැතිවරණ කොමිසම තීන්දු කළ බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දේශයට පැවසීය
.

කිසියම් ප්‍රායෝගික හෝ නීතිමය ප්‍රශ්නයක් හේතුවෙන් නාමයෝජනා භාරගැනීම අත්හිටුවන්නට සිදුවේදැයි දේශය ප්‍රශ්න කළ විට සභාපතිවරයා වැඩිදුරටත් කීවේ නාමයෝජනා භාරගැනීම අත්හිටුවීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි.
එහෙත් නාමයෝජනා භාරගත් පසුව එම කටයුත්තේදී කිසියම් පුද්ගලයකුට අගතියක් සිදුවුවහොත් ඔහුට හෝ ඇයට අධිකරණයේ පිහිට පැතීමට හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ කෙසේ වුවත් නාමයෝජනා භාරගැනීම අත්හිටුවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව හෙතෙම සඳහන් කළේය.