2022 දෙසැම්බර් 25 වන ඉරිදා

ආණ්ඩුව බිලියන දාහක් රට ඇතුළේ ණයයි- චම්පික රණවක

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 31

දේශපාලන වාර්තාකරු l

රජය විසින් බාහිර විදුලි බල සැපයුම්කරුවන්ට, කොන්ත්‍රාත්කරුවන්ට  සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට රුපියල් බිලියන 1000ක පමණ ණය මුදලක් ගෙවීමට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා දේශයට කීය.

තමන් වෙත ලැබී තිබෙන තොරතුරුවලට අනුව විදුලිබල මණ්ඩලයට විදුලිය සැපයූ බාහිර විදුලි සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 100ක් පමණද කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 300ක් පමණද ගෙවීමට නියමිතය. ඉතිරි බිලියන 600ක මුදල ගෙවීමට ඇත්තේ බැංකු ක්ෂේත්‍රවලටයි. පසුගිය කොරෝනා සමයේ හෝටල් ක්ෂේත්‍රය සහ තවත් ක්ෂේත්‍ර ගණනාවකට ලබා දුන් ණය සහන වෙනුවෙන් එකී බැංකු කැප කළ මුදල රජය විසින් අදාළ බැංකුවලට පසුව ගෙවන බව ප්‍රකාශ කර තිබිණි.

එසේ ප්‍රතිපූර්ණය කළ යුතු මුදල රුපියල් බිලියන 600ක් පමණ වෙයි. මේ සියල්ල එක්වූ විට රජය විසින් මෙම අංශ තුනට ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 1000 ක් පමණවේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00