දේශපාලන වාර්තාකරු I
යෝජිත පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස පොහොට්ටුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය බදාදා ජනාධිපතිවරයා මුණගැසුණු පොහොට්ටුව පක්ෂයට සම්බන්ධ පළාත් පාලන ආයතන ප්‍රධානීන් 47 දෙනකු මෙම ඉල්ලීම කළ බව වාර්තා වෙයි.
පවත්නා ආර්ථික තත්ත්වය යටතේ ජනතාව ඡන්දයකට මුහුණ දීමට තරම් සුදුසු වාතාවරණයක නොමැති බව ප්‍රකාශ කර ඇති පළාත් පාලන ප්‍රධානීන් මැතිවරණය සඳහා රජයට මෙන්ම තමන්ටත් විශාල වියදමක් දැරීම අපහසු බව පෙන්වා දී ඇත.
ඒ අනුව මන්ත්‍රීන් 118 දෙනකුගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත ඊට අදාළ ලිඛිත ඉල්ලීම අද හෙටම ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
මැයි 9දා ආරම්භ කළ අරගලයට සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයේදී ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය ගැන විමර්ශනය කොට වාර්තා කිරීමට හිටපු නාවික හමුදාපති සහ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කෙරිණි. හිටපු ගුවන් හමුදාපති සහ ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපතිවරයකු වන ලුතිනන් ජනරාල් දයා රත්නායක යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වූහ.
මෙම විශේෂ පරීක්ෂණ කමිටුව විසින් සකස් කළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම්වලින් යුත් අවසන් වාර්තාව රජයට භාර දී කලක් ගතව ඇතත් එය මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම නිසා මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කිරීමට තීරණය කළ බව සඳහන් වෙයි.