2022 දෙසැම්බර් 11 වන ඉරිදා

ඇමැති පදවිවලට පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ කොන්දේසි දමති

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 38

ගයාන් ගාල්ලගේ I

සමගි ජනබලවේගයෙන් හෝ වෙනත් ඕනෑම පක්ෂයකින් ආණ්ඩුවට සහාය දැක්වීම සඳහා මන්ත්‍රීවරුන් පැමිණියත් පොහොට්ටුවට හිමි අමාත්‍ය ධුර ලැබෙන තෙක් එම මන්ත්‍රීවරුන්ට ඇමති ධුර ලබා දීමට කිසිසේත් එකඟ නොවන බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා වෙත දන්වා තිබේ.

තම පක්ෂයට හිමි අමාත්‍ය ධුර 16 අලුතින් ලබාදීම සිදු කළ යුතු බවත් එසේ නොවී අලුතින් පැමිණෙන අයට අමාත්‍ය ධුර ලබාදුනහොත් ඔවුන් ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත් වන බවත් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් අයවැය ඡන්දය අවසන් වුණු සැණින් අදාළ කැබිනට් මණ්ඩලය අලුතින් පත් කරන ලෙසට ඉල්ලා තිබේ. මේ අතර විපක්ෂයෙන් පැමිණෙන අයට ප්‍රධාන අමාත්‍ය ධුර ලබා නොදෙන ලෙසත් එම ජ්‍යෙෂ්ඨයන් පිරිස බැසිල් රාජපක්ෂ මහතා වෙත දන්වා ඇත.

මේ සියලු ඉල්ලීම් බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00