2022 දෙසැම්බර් 11 වන ඉරිදා

නවකවදයට ලබන වසරේ තිත- ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:04 171

චමිඳු නිසල් ද සිල්වා I

ලබන වසරේදී පවත්නා නීති තවත් දැඩි ලෙස ක්‍රියාත්මක කොට විශ්වවිද්‍යාලවලින් නවක වදය තුරන් කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා "අයවැය සහ රටේ අනාගතය" යන මැයෙන් පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළේය.

 

ජනාධිපතිවරයා සහ තරුණ තරුණියන් අතර පැවති මෙම සම්මන්ත්‍රණය පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. මෙහිදී සරසවි නවකවදය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවකවදය වහාම නැවැත්විය යුතු බව අවධාරණය කළේය. නවකවදය යනු නවකවදය ලබාදෙන්නන්ගේ අයිතිවාසිකමක් නොවන බවද ඔහු දැඩි ලෙස අවධාරණය කළේය. සරසවියට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් යැයි ජනාධිපතිවරයා පැවසීය.
වර්තමානයේ නවකවදය ක්‍රියාත්මක වන්නේ ඉතා අමානුෂික ලෙසයි. ඒ පිළිබඳ විශ්වවිද්‍යාල වගකිවයුතු අංශ නිශ්ශබ්දව සිටීම පිළිබඳ තමා පුදුමයට පත්වන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වදයක් වී ඇති නවකවදය නැවැත්වීමට අවශ්‍ය පියවර නොපමාව ගැනීමට තමා බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00