I සුගත් පී. කුලතුංගආරච්චි
මෙරටට ගෙන්වීමට අවශ්‍ය යැයි ලියාපදිංචි කර ඇති ඖෂධ ලැයිස්තුවේ සැලකිය යුතු ප්‍රමාණයක් සංශෝධනයට ලක් කළ හැකිව ඇති බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය “දේශය” කළ විමසුමකදී පෙන්වා දුන්නාය.
දැනට ඇති දීර්ඝ ලියාපදිංචි ඖෂධ ලැයිස්තුව තුළ විවිධ වෙළෙඳ නාමවලින් යුතු එකම ඖෂධය නම්කර ඇති අවස්ථා දක්නට ඇති බවත් ඒ අතරින් අත්‍යවශ්‍යම ඖෂධ තෝරා බේරා ගනිමින් සංශෝධනයට ලක් කිරීමෙන් ගෙන්වීමට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය අවම කරගත හැකිවන බවත් ඈ පෙන්වා දුන්නාය.
අපගේ NMRA ආයතනය ඖෂධ 14,000 ක් නියාමනය කරන බවත් ඒවා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව අවම කර ගැනීමෙන් දැනට මිලදී ගන්නා ඖෂධ ප්‍රමාණය 1/3 කින් අඩු කරගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගියදා පෙන්වා දුන්නේ ඒ අන්දමට ඖෂධ සඳහා වැය වන අධික මිල අවම කර ගැනීමට හැකි බව පවසමිනි.