2022 නොවැම්බර් 27 වන ඉරිදා

සාරිය අත්හළ ගුරුවරියන්ට විනය පියවර බෑ

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 44

ගයාන් ගාල්ලගේ I

සාරිය නොඇන්ද ගුරුවරියන් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවත් එසේ ගතහොත් අධිකරණය වෙත යන බවත් ලංකා ගුරු සංගමයේ කැඳවුම්කරු ජෝශප් ස්ටාර්ලින් මහතා දේශයට පැවසීය.

චක්‍රලේඛනයක් මගින් රජයේ සේවකයන්ට පහසු ඇඳුමින් රැකියාවට පැමිණෙන ලෙසට දන්වා තිබියදී ඔවුන් එම චක්‍රලේඛනයට අනුව කටයුතු කිරීම නීත්‍යානුකූලව සිදුකළ දෙයක් බව හෙතෙම සඳහන් කළේය.

ගුරුවරු පවා රජයේ සේවකයන් නම් ඔවුන්ටද එම අයිතිය හිමිවන බවත් එසේම එය තම කැමැත්ත පරිදි සිදුවන දෙයක් නිසා ඕනෑම අයකුට සාරිය වුවද ඇඳීමේ අයිතිය තිබෙන බව හෙතෙම වැඩිදුරටත් කීය.