2022 නොවැම්බර් 27 වන ඉරිදා

ව්‍යවස්ථාදායක සභාවට ඉල්ලුම්පත් 65ක්

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 47

දේශපාලන වාර්තාකරු I

ලබන දෙසැම්බර් 08දාට පෙර නව ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශයට පැවසීය.

පසුගියදා සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අලුතෙන් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කළ යුතුය. ඒ සඳහා නම් කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තෝරාගැනීම සඳහා මේ වනවිට මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකොට අයැදුම්පත් කැඳවා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ඊට අයැදුම්පත් 65ක් පමණ ලැබී තිබුණු බව කතානායකවරයා කීය.

මෙම අයැදුම්පත් පරීක්ෂා කොට සුදුසුකම් ඇති අයැදුම්කරුවන් සම්බන්ධව මූලික පරීක්ෂණයක් පවත්වා එයින් තෝරාගන්නා තිදෙනකුගේ නම් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය. අනතුරුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව සම්පූර්ණ කොට අවශ්‍ය පත්කිරීම් සිදුකෙරෙන බව කතානායකවරයා අවධාරණය කළේය. ලබන 08දා අයවැය විවාදය හමාරවීමත් සමඟ මේ වසරේ පාර්ලිමේන්තු සැසිවාර අවසන් කෙරෙන බැවින් ඊට පෙර අදාළ කටයුතු නිම කළ යුතුව ඇතැයිද ඔහු පැවසීය.