2022 නොවැම්බර් 27 වන ඉරිදා

ඩොලර් නැත්නම් බඩු මිල නගීවි.

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:01 153

යසවර්ධන රුද්රිගු I

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා බැංකු මගින් ඩොලර් නිදහස් නොකළහොත් උත්සව සමයේදී ඒවායේ මිල ඉහළයාම නොවැළැක්විය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න දේශයට පැවසීය.

අර්තාපල්, ලූනු, පරිප්පු, කරවල ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඒවා ආනයනය කරන රටවල විකුණුම් මිල මත තීරණය වෙන අතර ඇතැම් ඒවායේ නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් එම රටවල යම් හිඟයක් ඇතිවී තිබේ. උත්සව සමයේදී එම ආහාර ද්‍රව්‍යවල ඉල්ලුම ඉහළ යාමද මිල වැඩිවීමට හේතුවෙනවා ඇත. එසේම රටේ පවතින ආනයන බදු හා තීරු බද්දද ආහාර මිල කෙරෙහි බලපාන අතර ඒවායේ බදු වැඩිවුවහොත් එයද මිල ඉහළ යාමට හේතුවිය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

මේ අනුව භාණ්ඩවල මිල තීරණය වීම "අපේ අතේ නැත" යි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ආණ්ඩුවට ස්ථීර බදු ප්‍රතිපත්තියක් නොමැති අතර, විටින් විට ගැසට් මගින් බදු සංශෝධනය කිරීම් සිදුවන නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට ස්ථාවර මිලක් පවත්වාගෙන යාම අපහසු බවද පෙන්වා දෙයි.