2022 නොවැම්බර් 27 වන ඉරිදා

පාසල් ඇතුළේ අයිස් දිය කරන්න ආරක්ෂක මෙහෙයුමක්

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:02 159

ගයාන් ගාල්ලගේ I

පාසල් පද්ධතිය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන අයිස් මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා බස්නාහිර පළාත ඇතුළු දිවයින පුරා පාසල් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කිරීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ඒකාබද්ධව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා, ආරක්ෂක සහ පොලීසිය බාර අමාත්‍යවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ එකමුතුවෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය.

මෙම මෙහෙයුමට අනුව පාසල් ආදි ශිෂ්‍ය සංගම්, සිවිල් ආරක්ෂක කමිටු, පාසල් ශිෂ්‍ය නායකයන් සහ මව්පියන් ද මේ සඳහා එක්කර ගැනීමට නියමිතය.

විශේෂයෙන් ඒ හරහා තොරතුරු ලබාගැනීමත් පොලීසිය විසින් විමර්ශනය කිරීමත් ඒකාබද්ධ මෙහෙයුම් හරහා අත්අඩංගුවට ගැනීමත් සිදු කිරීමට නියමිතය