2022 නොවැම්බර් 20 වන ඉරිදා

වෙළෙඳ කලාපයේ සමහර කම්හල් බාගෙට වැහිලා

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 45

I ව්‍යාපාරික වාර්තාකරු

තම සමාගම් වෙත ලැබෙන ඇඟලුම් ඇණවුම් අඩුවීම නිසා කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවත්නා ඇතැම් ප්‍රධාන පෙළේ සමාගම්වලට අයත් ඇඟලුම් කම්හල් දැනට වැඩමුර පවත්වා ගෙන යන්නේ මසකට දෙසතියක් පමණක් බව 
ජ්‍යෙෂ්ඨ කම්හල් කළමණාකරුවෝ ගණනාවක් දේශයට පැවසූහ.

වෙළෙඳ කලාපයෙන් බැහැර පිහිටි තවත් කම්හල් රුසක්ම සිය මාසික සේවා මුර දෙපසතියකට සීමාකර ඇති බවද ඔහු වැඩිදුරටත් කීය. බොහෝ කම්හල්වලට විදේශයෙන්ගෙන් ලැබෙන ඇඟලුම් ඇණවුම් 30%ත් 40%ත් අතර ප්‍රමාණයකින් අඩුවීම සේවා මුර සීමා කිරීමට හේතු වී ඇති බව පැවසූ ඔවුහු මෙම තත්ත්වය නිසා සේවකයන්ට ලැබෙන වැටුප් අතිකාල හා සෙසු දීමනා සීමා වී ඇතැයිද සඳහන් කළෝය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00