2022 නොවැම්බර් 13 වන ඉරිදා

ව්‍යවස්ථා සභාව: පොහොට්ටුවෙන් ජනපතිට ඉල්ලීමක්

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 45

දේශපාලන වාර්තාකරු I

ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපතිවරයා පත් කළ පාර්ලිමේන්තු නියෝජිතයා නම් කිරීමේදී පොහොට්ටුවේ නාමයෝජනා සලකා බලන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් 
කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දේශයට ප්‍රකාශයක් කළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකූ සඳහන් කළේ මෙම කරුණු සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවකදී ඇතිකරගත් එකඟතා අනුව මෙම ඉල්ලීම සිදු කරන බවය.    

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරය පොහොට්ටුව සතුවන නිසා ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයා පත් කරන නියෝජිතයා පොහොට්ටුවේ මත විමසීමෙන් පත් කිරීම සාධාරණ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00