
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාම මෙරට ස්ථීර පුරවැසියන් බවත් ඔවුන් කිසිවකු විදේශ රටක පුරවැසිභාවයක් නොදරන බවත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අඩෙයිකලනාදන් ප්‍රකාශ කළේය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය පිළිබඳ නඩු තීන්දුවත් සමඟ උතුරු නැගෙනහිර නායකයන් 6 දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය දරණ බැවින් ඔවුන්ගේ මන්ත්‍රී ධූරද අහෝසි කළ යුතු යැයි එල්ල වූ චෝදනාව දෙමළ ජාතික සන්ධානය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ඔහු වැඩිදුරටත් කීය. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ එම චෝදනාව දෙමළ ජාතික සන්ධානයට මඩ ගැසීම සඳහා කළ ජනතාව මුළා කරන බොරු ප්‍රචාරයක් බවයි.
ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්ගේ ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමේදී ඒ පිළිබඳව විභාග වූ නඩුව අභියාචනා අධිකරණයට යොමුකර ඇති බැවින් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.
l සකීෆ් සාම් තන්වීරි