2017 මැයි 20 වන සෙනසුරාදා

බෝගම්බර හිරගෙදර කුඩු බිස්නස් ජයට?

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය කඩ තුනක් තිබෙන බවත් මෙහි මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා ඉහළින් සිදුවෙද්දී බන්ධනාගාරයේ ඇතැම් බලධරයන්ට ගජ වාසි උදාවී තිබෙන බවත් නොබෝදා බන්ධනාගාරයෙන් මිදී පැමිණි තම නම ගම හෙළිකිරීම ප්‍රතික්ෂේප කළ තැනැත්තෙක් පැවසීය.

ඊසි කෑෂ් ක්‍රමයට මෙහි ගනුදෙනු සිදුවන බවද මෙම කටයුතු සඳහා ඇතැම් බලවතුන්ගෙන් සුපිරි සහායක් ලැබෙන බවද ඊසි කෑෂ් ක්‍රමයට රැඳවියකුට රුපියල් 5000/- දැම්මොත් එම රැඳවියාට ලැබෙන්නේ රු. 500/-ක මුදලක් බවද කියයි.

නිලධාරින්ට නැතත් රැඳවියන්ට දිගුකාලීන සිරකරුවන්ට ඕනෑම වර්ගයේ ජංගම දුරකථන ළඟ තබාගැනීමට අවකාශ ලැබී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.