2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

පොහොට්ටුවේ පිරිසක් අලියා පිටේ නගින්න සූදානමින්

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 73

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ පිරිසක්  එක්සත් ජාතික පක්ෂයට එක්ව නව සන්ධානයක් සෑදීම සඳහා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අලුතින් නිර්මාණය කරන මෙම සන්ධානය එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඉදිරියට ගෙන ඒමටත් තීරණය කර තිබේ.

ඒ අනුව නව සන්ධානය සඳහා ගම්පහ, ගාල්ල, පොළොන්නරුව, බදුල්ල, කෑගල්ල ආදී දිස්ත්‍රික්ක නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. එම පිරිස දැනටමත් නිල නොලත් ලෙස ආසන ලබාගෙන ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00