2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

තව බදු 4ක් ළඟදීම එයි

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:02 400

I ව්‍යාපාරික වාර්තාකරු

රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා රජය විසින් ළඟදීම තවත් බදු 4ක් හඳුන්වා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. ධන බද්ද, ඉඩම් බද්ද, දේපළ බද්ද සහ බූදල් බද්ද මෙම බදු 4 බව වාර්තා වෙයි. මෙකී බදු අය කරන ප්‍රතිශත මෙතෙක් තීරණය කර නැති නමුත් නොවැම්බර් මාසයේ සිට මෙකී බදු 4 පැනවෙනු ඇති බව දැනගන්නට ඇත.

දැනට රජය ලබන වාර්ෂික ඍජු බදු ආදායම ඉහළ නංවාගත යුතු බව මුල්‍ය අරමුදල ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආධාරක ආයතන රජයට නිර්දේශ කර තිබේ. 2022 වසරේ රාජ්‍ය ආදායම ලෙස සැලකෙන රුපියල් බිලියන 2056 ක මුදල 2023 දී රුපියල් බිලියන 3500 දක්වා ඉහළ දැමිය යුතු යැයි එම ආධාරක ආයතන රජයට දැඩි ලෙස නිර්දේශ කර ඇත. එම නිර්දේශවලට අනුව නව බදු ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00