2017 මැයි 20 වන සෙනසුරාදා

උතුරුමැදට - දකුණට විශ්වාසභංග

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

දැනට දේශපාලන බල අරගලයක් හටගෙන තිබෙන උතුරුමැද පළාත් සභාවේ සහ මන්ත්‍රී බහුතරය ඒකාබද්ධ විපක්ෂයට සහාය පළකරතැයි කියන දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරුන්ට එරහිව විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරමින් සිටින බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙයට අමතරව බස්නාහිර පළාත් සභාවේදීත් ඒකාබද්ධ විපක්ෂය තම බලය පෙන්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හා හවුල්කාර පක්ෂ සමඟ දැනටමත් මූලික සාකච්ඡා සිදුකර ඇතැයි පවසන ඒකාබද්ධ විපක්ෂය ළඟදීම දකුණට හා උතුරැමැදට විශ්වාසභංග යෝජනා ගෙන එන බව සඳහන් කළේය.