දේශපාලන වාර්තාකරු l
පසුගිය මැයි මස 9දා ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අවස්ථාවේ ඒවා පාලනය සඳහා තමන්ට නීතියෙන් හිමි බලය පාවිච්චි නොකරන ලෙස ආරක්ෂක අංශවලට ලිඛිතව නියෝග ලබා දුන් ආරක්ෂක ප්‍රධානීන් සිටීදැයි වහා විමර්ශනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
මේ සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් වෙත යම් යම් තොරතුරු ලැබී ඇති බව පැවසූ හෙතෙම ප්‍රචණ්ඩකාරී අරගලයක් මැඩපැවැත්වීමට ආරක්ෂක අංශවලට අවම බලය හෝ උපරිම බලය භාවිත කරන්නට නීතියෙන් අවසර ඇතැයි පැවසීය. එසේ තිබියදී මහජන මන්ත්‍රීවරයකු ඝාතනය කොට තවත් මැති ඇමැතින් 75 කගේ පමණ නිවාස සහ දේපළ ගිනි තබා විනාශ කෙරිණි. එසේම එදින ගෝල්ෆේස් පිටියේද විශාල ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය. ඒවා පාලනය නොවීමෙන් රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගියේය.
එනිසා මෙම තත්ත්වය පාලනය සඳහා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා නියෝග ලබා දී තිබියදී ඊට පටහැණි නියෝග නිකුත් කළ ආරක්ෂක ප්‍රධානීන් සිටීදැයි වහා රටට හෙළි කළ යුතු බවද මේ සම්බන්ධව දේශයට කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.