2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

ප්‍රකට හිමිනමක ෙග් කෝටි 40ක් හිටපු ආණ්ඩුකාරවරයකුගේ කෝටි 45ක් වංචනික කාන්තාව අතේ

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:02 540

lආරක්ෂක වාර්තාකරු

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීමේදී එම කාන්තාව පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට සම්බන්ධ සංවිධානයක ප්‍රබල හා සුප්‍රකට හිමිනමකගෙන් සහ බස්නාහිර පළාත භාර හිටපු ආණ්ඩුකාරවරයකුගෙන් මුදල් ලබාගෙන ඇති බව පොලිස් විසින් අනාවරණය 
කරගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන ආකාරයට අදාළ හිමිනමගෙන් මිලියන 400 කුත් අදාළ ආණ්ඩුකාරවයාගෙන් මිලියන 450කුත් ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔවුන්ගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

එසේම මම කාන්තාව ප්‍රසිද්ධ නිළියන් කිහිපදෙනෙකුද තම වැඩකටයුතු සඳහා යොදවාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 19 දක්වා බන්ධනාගාර ගත කර ඇත. 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00