යසවර්ධන රැද්රිගූl
අලුතින් පනවා ඇති 2.5%ක්වූ සමාජ ආරක්ෂණ බද්ද පිටි මිලදී ගැනීම, පාන් නිෂ්පාදනය සහ සිල්ලර වෙළෙඳාම යන කටයුතුවලදී වාර 3 ක් එකතු වී 7.5%ක් බවට පත්වන බැවින් ඉදිරියේදී ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රු. 350/- දක්වා ඉහළ නගිනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඇම්.කේ. ජයවර්ධන දේශයට පැවසීය.
කෙසේ නමුත් දැනට වැඩි වශයෙන් නිෂ්පාදනය කරනුයේ ග්‍රෑම් 300 – 350 බර ප්‍රමාණයේ පාන් ගෙඩි නිසා ඒවායේ මිල ද 7.5% කින් පමණ ඉහළ යනු ඇතැයි ඔහු කියයි.
නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම යන අවස්ථා තුනේදීම 2.5% බැගින් මෙම බද්ද වදින නිසා 7.5% ක් බදු ලෙස ගෙවන්නට සිදුවෙයි. එම බද්ද කෙළින්ම පාරිභෝගිකයාගෙන් අයකර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.
පැවැති 8% වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීමත් ආරක්ෂණ බද්ද අයකිරීමත් නිසා තිරිඟු පිටි කිලෝ 50 මිටියක මිල රු. 21,000 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු කියයි.
පාන් හැර සෙසු සියලුම බේකරි නිෂ්පාදනවලට 15% ක්වූ වැට් බද්ද සහ 7.5% ක් වන සමාජ ආරක්ෂණ බද්ද ද ගෙවීමට සිදුව ඇති නිසා ද කුකුළු මස්, බිත්තර, අල, සොසේජස්, මාගරින් ආදී අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති නිසා ද ළඟදීම කෙටි කෑම ඇතුළු සියලුම බේකරි නිෂ්පාදවල මිල තවත් වටයකින් ඉහළ නැගීම සිදුවන බවද ඔහු කියයි.