2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

ඔක්තෝබර් දෙවැනි සතියේ නොරොච්චෝලේ ගල් අගුරු ඉවරයි

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:01 85

ගයාන් ගාල්ලගේ l

ලබන ඔක්තෝබර් දෙවැනි සතිය වනවිට ගල්අඟුරු අවසන් වන බවත්, ඊට පෙර මිලදී ගැනීම් සිදු නොවුණහොත් මෙගා වොට් 900ක් විදුලිය නිපදවන නොරොච්චෝල බලාගාරය වසා දැමීමට සිදුවන බවත් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සාමාජික ඉංජිනේරු ඉසුරු කස්තුරිරත්න මහතා දේශයට පැවසීය.

ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා මිල ගණන් තීරණය කර තිබියදී තවත් පෞද්ගලික සමාගමක් තරගකාරීත්වයකින් තොරව අලුතෙන් ඇතුළු වීම නිසා ගල්අඟුරු මිලදී ගැනීම නතර වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

එසේම මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා ගල්අඟුරු මිලදී ගැනීම ගැටලුවක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ගල්අඟුරු වෙනත් සමාගමක් හරහා මිලදී ගැනීමට මේ වනවිට කටයුතු කරමින් තිබෙන බවයි

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00