2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

මන්ත්‍රීන් 02ක් ආණ්ඩුවේ වාහන උස්සලා!

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:04 216

දේශපාලන වාර්තාකරුl

ජනාධිපති කාර්යාලයට අයත් වාහන දෙකක්  කෙටිකාලීන භාවිතය සඳහා  ලබාගෙන නැවතත් ජනාධිපති කාර්යාලයට එම වාහන බාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙලෙස වාහන බාර නොදුන් එක් මන්ත්‍රීවරයෙක් අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔහු ජනාධිපති කාර්යාලයෙන් ලබාගෙන ඇත්තේ ලෑන්ඩ් ක_ෂර් ප්‍රාඩෝ ජීප් රථයකි. තවත් එක් මන්ත්‍රීවරයෙක් ටොයොටා හයිලක්ස් කැබ් රථයක් ලබාගෙන ඇත. ඔහු  කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරයි. මේ දෙදනාම ආණ්ඩුව නියෝජනය කරමින් සිට පසුව ස්වාධීන වූ මන්ත්‍රීන් බවද වාර්තා වෙයි.

මේ අය ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම පරිදි දිගින් දිගටම අදාළ වාහන බාර නොදීම නිසා එම දෙදෙනාට එරෙහිව දැනටමත් පොලීසියට පැමිණිලි කර ඇති බව දැනගන්නට ඇත.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00