2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

බිත්තර බිස්කට් මස් මාළු උද්ධමනය උඩ දමයි !

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 175

ව්‍යාපාරික වාර්තාකරු l

පසුගිය අගෝස්තු මාසය තුළ බිත්තර, බිස්කට්, කුකුළු මස්, පාන්, මාළු, පරිප්පු සහ පළතුරු මිල ගණන් විශාල ලෙස ඉහළ යාම නිසා මෙරට ආහාර අංශයේ උද්ධමනය 93.7% ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා පෙන්වා දෙයි.

ඊට පෙර මාසයේ (ජූලි), 90.9% ක් වූ ආහාර අංශයේ උද්ධමනය අගෝස්තුවේදී 93.7% ක් දක්වා වර්ධනය විය.

මෙම උද්ධමන තත්ත්වය ලොව වැඩිම ආහාර උද්ධමනය සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව තැබූ වාර්තාවකි. 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ආහාර අංශයේ උද්ධමනය මේ තරම් ඉහළ ගියේ පළමු වරටය. ආහාර සම්බන්ධ උද්ධමනය 93.7% ක් ලෙස වාර්තා වෙද්දී ආහාර නොවන භාණ්ඩවල උද්ධමනය 50.2% ක් දක්වා අගෝස්තුවේදී වර්ධනය වූ බවද මහ බැංකුව පවසයි.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00