2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

තෙල් සංස්ථාව විකිණීමේ උප්පරවැට්ටියක් - ආනන්ද පාලිත

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 79

I ගයාන් ගාල්ලගේ

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පසුගිය මාසයේ ලාභය කෝටි 396 ක් බවත් එසේ තිබියදී කෘත්‍රිම පෝලිම් නිර්මාණය කරන්නේ සංස්ථාව සම්පූර්ණයෙන් විකුණා දැමීමට බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය.

තෙල් ලබාගැනීම සඳහා ජනතාවට QR ක්‍රමය ලබාදුන්නත් සැබැවින්ම එම කළමනාකාරී ක්‍රමවේදය රටේ පාලකයන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට අදාළ නොවන නිසා ඔවුන් මේ ඉන්ධන නාස්තියට වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.  

කෙසේ වෙතත් කනගාටුව නම් විපක්ෂය පවා මේ සියල්ල දැන දැන නිහඬව සිටීම බව ඔහු වැඩිදුරටත් කීය.