2022 අගෝස්තු 28 වන ඉරිදා

පළමු බූස්ටරය ගත්තා නම් මැරෙන්නේ නෑ.

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 51

I සුගත් පී. කුලතුංගආරච්චි

මේ වනවිට සිදුව ඇති කොරෝනා මරණ අතරින් 80 % ක්ම කලින් වළක්වාගත හැකිව තිබූ මරණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියයි. සිදුව ඇති මරණවලින් 60ට වැඩි වයස්වල මරණ බොහොමයක් මෙසේ වළක්වා ගත හැකිව තිබූ ඒවා යැයි ඔහු පෙන්වා දෙයි.

මරණයට ලක්ව ඇති අය එන්නතේ 3 වැනි මාත්‍රාව නොගත් අය බව සංඛ්‍යාලේඛන දත්ත තහවුරු කර ඇත. මේ වනවිට 3 වැනි එන්නත ලබා නොගත් 40 % ක පමණ පිරිසක් සිටින බවත් නොපමාව 3 වැනි මාත්‍රාව ලබාගැනීමෙන් මෙන්ම දැනට 3 වැනි මාත්‍රාව ලබා මාස 3කට වැඩි නම් ඒ අයද 4 වැනි මාත්‍රාව ලබාගැනීමෙන් ඉදිරියේ සිදුවිය හැකි මරණ වළක්වා ගත හැකිවන බවත් ඔහු පෙන්වා දෙයි.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00