2022 අගෝස්තු 14 වන ඉරිදා

ඇමැති නිමල් සිරිපාලගේ දූෂණ චෝදනාව අල්ලස් කොමිසමට.

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:04 179


තායිසේ අල්ලස් සිද්ධිය ගැන අල්ලස් හා දූෂණ  විමර්ශන කොමිසම විසින් ද පරීක්ෂණයක් පැවැත්වීමට තීන්දු කර ඇතැයි එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඊට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වීමට පෙරදීය. පැමිණිලිකරැ වන්නේ දූෂණ විරෝධී පෙරමුණයි.

එම පැමිණිල්ල විභාග කිරීමට කොමිසම තීරණය කිරීමෙන් පසු මූලික ප්‍රකාශ සටහන් කර ගැනීම ඉදිරි සතියේදී ආරම්භ කෙරෙයි. මෙම සිද්ධිය ගැන චෝදනා ලත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා ප්‍රකාශකයක් සටහන් කර ගැනීමට නියමිත බව කොමිසමේ ආරංචි මාර්ග කියයි. ඒ සඳහා ජපන් තානාපති කාර්යාලයෙන්ද තායිසේ සමාගමෙන්ද කරැණු විමසීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.

අධිකරණ වාර්තාකරු l

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00