2022 අගෝස්තු 07 වන ඉරිදා

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහර ඉරිදා

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 47

I ජේ.ඒ.එල්. ජයසිංහ

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ''ප්‍රථම රන්දෝලි'' පෙරහර අගෝස්තු මස 07 වැනිදා (ඉරිදා) රාත්‍රී 07 පසුවී විනාඩි 44ට වයඹ දිසාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර ඉහළට ගමන් කර දේව වීදියට පැමිණ කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානානයක වීදිය සහ රජ වීදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතය.

අගෝස්තු 08, 09, 10 සහ 11 යන දින දක්වා රන්දෝලි පෙරහර පැවැත්වෙන අතර 11 වැනි දින අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි. අගෝස්තු 12 වැනි දින අලුයම ගැටඹේ මහවැලි ගංතොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කරනු ලබයි. අනතුරුව අගෝස්තු 12 වැනි දින ප.ව. 1 පසුවී විනාඩි 30ට දහවල් පෙරහර වීථි සංචාරය කිරීමෙන් පසු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි.