2022 අගෝස්තු 07 වන ඉරිදා

පාතාල ඝාතන වේගයෙන් ඉහළට

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 102

සමන්ත ප්‍රදීප් විල්තෙර l

නාඳුනන තුවක්කුකරුවන්ගේ පාතාල ඝාතන දිනෙන් දින ඉහළ යාම බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ. ඉකුත් මැයි 30 වැනිදා සිට අගෝස්තු 4 වැනිදා තෙක් වාර්තා වූ නාඳුනන වෙඩික්කරැවන්ගේ පාතාල ඝාතන ගණන 22 කි. මෙහිදී වෙඩි තැබීමේ සිදුවීම් 19 ක් වාර්තා වී තිබෙන අතර තුවාල ලැබූවන් ප්‍රමාණය 13 දෙනකු බව වාර්තා වේ. 

මෙම කාලසීමාවේදී බස්නාහිර පළාත ආශ්‍රිතව පාතාල ඝාතන 15 ක් හා දකුණු පළාත ආශ්‍රිතව ඝාතන 7 ක් සිදුව තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඝාතන ලැයිස්තුවට අමතරව පවුල් ආරවුල් හා විවිධ කෝන්තර නිසා සිදු කළ වෙඩි තැබීම් හා කපා කොටා කළ ඝාතන කිහිපයක් අහංගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල කල්ලි අතර හටගෙන තිබෙන අභ්‍යන්තර ආරවුල් මෙම ඝාතන රැසකටම හේතු වී ඇතැයි පොලීසිය පවසයි.