2022 අගෝස්තු 07 වන ඉරිදා

මැයි 09 අහක බලා සිටි පොලීසියේ අයට විනය ක්‍රියාමාර්ග

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 56

ගයාන් ගාල්ලගේ l

මැයි 9 වැනිදා රාත්‍රියේ දේශපාලනඥයන්ගේ සහ විවිධ පුද්ගලයන්ගේ නිවෙස් සහ දේපළ ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් නිසි ලෙස  ක්‍රියා නොකර ඒවා මගහැරි සියලුම පොලිස් නිලධාරීන් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ගෙවල් ගිනි තබන වෙලාවේ ඒවා ආරක්ෂා නොකළ අයටද මාරැවීම් ලබාදීමට තීරණය කර ඇත.

මැයි 9 වැනිදා රාත්‍රියේදී දේපළ හානි වූ දේශපාලනඥයන් සහ පුද්ගලයන් තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවල ගැටලු සම්බන්ධයෙන් රජයට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම තීරණය ගෙන තිබේ. 

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00