2022 අගෝස්තු 07 වන ඉරිදා

පරිත්‍යාගශීලී වුණොත් සර්ව පාක්ෂික ආණ්ඩුව හරියාවි

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:03 164

l දේශපාලන වාර්තාකුරු 

සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන සියලු පක්ෂ පරිත්‍යාගශීලී වන්නේ නම් පමණක් එම ආණ්ඩුව යහපත් ලෙස ඉදිරියට ගෙන යා හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

''යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවට වාමාංශික - දක්ෂිණාංශික මෙන්ම මධ්‍යස්ථ මතධාරී පක්ෂ රැසක් එකතු වනු ඇත. එවැනි මිශ්‍ර දේශපාලන ව්‍යාපෘතියකදී හැම පක්ෂයක්ම තම තමන්ගේ අභිමානය සහ ආඩම්බරය අමතක කොට පවත්නා අර්බුදයෙන් රට ගොඩගැනීම උදෙසා පරිත්‍යාගශීලී විය යුතුය. එසේ නොවුණහොත් මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව ද තවත් කතා සාප්පුවක් පමණක් වනු ඇතැයි'' ද හිටපු ජනාධිපතිවරයා කීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00