2022 අගෝස්තු 07 වන ඉරිදා

ළඟදිම... තවත් දේශපාලන පෙරළියක්

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 618

l දේශපාලන වාර්තාකරු 

 

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නැවතත් එකතු වී නව දේශපාලන ගමනක් යා යුතු යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය. මේ ගැන තවමත් පක්ෂය තුළ ඇත්තේ සංවාදයක් පමණක් බව පැවසූ ලේකම්වරයා ඉක්මනින් මේ යෝජනාව ගැන තීන්දුවක් ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා දැනට යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගි විය යුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර තිබේ. ඒ අතර තවත් මන්ත්‍රීන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට පිටත සිට සහාය දීම වඩාත් යෝග්‍ය බව යැයිද මහලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ තම පක්ෂය නිල වශයෙන් සාකච්ඡා කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.