2022 ජුලි 31 වන ඉරිදා

ආරක්ෂක වැඩට බාධා කළොත් අත්අඩංගුවට

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 61

ගයාන් ගාල්ලගේ l

ආරක්ෂක අංශවල රාජකාරි කටයුතුවලදී ඊට බාධා කරන ඕනෑම පුද්ගලයකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත පසුගිය දින කිහිපය තුළම රාජකාරි කටයුතුවලදී විවිධාකාරයෙන් බාධා එල්ල වී ඇති බවට පැමිණිලි ලැබී ඇති නිසා මෙම තීරණය ගෙන ඇත.

එලෙස බාධා කොට ගැටුම් ඇතිකර ඒවා වීඩියෝගත කර සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය කරන්නන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලැබී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00